gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිලිනොච්චියේ මවුපියන් නැති දරුවන් 765ක්

යුද්ධයෙන් පසුව කිලිනොච්චියේ නැවත පදිංචියට ගිය වැසියන් අතර මව හෝ පියා නොමැති දරුවන් 765ක් ජීවත් වන බවට දිස්ත්‍රික්කයේ පිහිටි ළමා නිවාසවල නිලධාරීහු පෙන්වා දෙති.

මේ අනුව එම නිලධාරීන් පෙන්වා දෙන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ මව අහිමි දරුවන් 387 දෙනකුද පියා අහිමි දරුවන් 378 දෙනකුද ජීවත් වන බවය.

කෙසේ වෙතත් අදාළ වාර්තා කිලිනොච්චියේ පැවැති
'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහනේදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වී ඇති අතරම එම වාර්තාවලට අනුව දිස්ත්‍රික්කයේ පිහිටි ළමා නිවාස හා රැඳවුම් නිවාස ප්‍රතිසංස්කරණය කිරීමටත්, ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් අවශ්‍ය උපදෙස් ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

යුද සමයේදී වැඩි වශයෙන් මෙම දරුවන්ට තම පියා හෝ මව අහිමි වී ඇති හෙයින් එම දරුවන්ගේ අනාගතය සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව ජනාධිපතිවරයා එම නිලධාරීන්ට අවධාරණය කර සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka