gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නවක විදුහල්පතිවරු 1100ක් බඳවා ගැනෙයි !

නවක විදුහල්පතිවරු 1100ක් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

විදුහල්පති සේවය සඳහා විදුහල්පතිවරු 4,000ක්, අධයාපන පරිපාලන සේවය සඳහා නිලධාරීන් 850ක් හා ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා නිලධාරීන්
1,190ක් මේවන විට අධ්‍යාපන අමාත්‍යංශය විසින් බඳවාගෙන තිබේ.

අදාළ බඳවා ගැනීම්වලින් පසුව ඉතිරිව ඇති පුරප්පාඩු පිරවීමට මේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, විදුහල්පති සේවය සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමේදී දේශපාලන බලපෑම් සිදුවූ බවට ගුරු වෘත්තීය සමිති මීට පෙර චෝදනා කර තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka