gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙළ උරුමය රහස් සාකච්ඡාවක

ජාතික හෙළ උරුමය පක්ෂයේ මධ්‍යම කාරකසභා සාමාජිකයන් ලෙල්ලෝපිටිය බැරැන්ඩුව ප්‍රදේශයේ පිහිටි එලිගන් රිසෝට් තුළ රහස් සාකච්ඡාවක නිරතවන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සාකච්ඡාව ආරම්භ කර ඇත්තේ ඊයේ (15)
රාත්‍රියේ බවත් එය අනිද්දා දක්වාම පැවැත්වෙන බවද පැවසේ.

අදාළ හෝටලයට පැමිණ සිටින කිසිදු මධ්‍යම කාරකසභා සාමාජිකයකුට අනිද්දා දක්වා ඉන් පිටව යාමට අවසරයක් නොවන බවද මධ්‍යම කාරකසභා සාමාජිකයන් හැර වෙන කිසිදු අයකුට එම හෝටලයට ඇතුළුවීමට ද නොහැකි බවද වාර්තා වේ.

එම සාකච්ඡාවට එම පක්ෂයේ මධ්‍යම කාරකසභා සාමාජිකයන් වන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, නිශාන්ත වර්ණසිංහ හා අනුරුද්ධ ප්‍රදීප් ඇතුළු පිරිසක් එක්ව සිටින බව පැවසේ.

තුන්මසකට වරක් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙවැනි රහස් සාකච්ඡාවලට එක්වන බවද මේ අතර වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka