gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තැපැල්පතිගෙන් වර්ජකයින්ට ආරාධනයක් !

තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක වැඩවර්ජනයේ යෙදී සිටින සියලුම කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථාන වෙත හැකි ඉක්මනින් වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අභයරත්න මහතා ඉල්ලා සිටියි.

තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ගරු අමාත්‍යතුමා, අමාත්‍යංශ ලේකම්තුමා හා තැපැල්පති වශයෙන් තමාත් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරනු ලබන ගැටළු සාධාරණ බව පිළිගන්නා
අතර ඉදිරි මාසයක කාල සීමාව තුළ සෑම දෙනාටම පිළිගත හැකි සමස්ත විසඳුමකට යාමට කටයුතු කරන බව සදහන් කරයි.

අවුරුදු 200කට අධික කාලයක සිට සුවිශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන තැපැල් දෙපාර්තමේන්තුව මෙම වැඩවර්ජනය හේතුවෙන් මහජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමට නොහැකි වුවහොත් එහි වගකීම තම දෙපාර්තමේන්තුව සතු වන බවත් එහි අහිතකර ප්‍රතිපල කාර්ය මණ්ඩලයට භුක්ති විඳින්නට සිදු වන බවත් තැපැල්පතිවරයා පෙන්වා දෙයි.

තවද වර්තමාන තරඟකාරි පසුබිම තුළ තැපැල් සේවාවට සමාන වූ සමාන්තර සේවා සපයනු ලබන ආයතනයන්හි තරඟකාරිත්වය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුව ආරක්ෂා කර ගැනීමට නම් තම සේවාව ප්‍රශස්ත ලෙස කර ගෙන යාමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඔහු තව දුරටත් අවධාරණය කරයි. ‍

සියලු වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කර දෙපාර්තමේන්තු‍වේ කටයුතු යථා තත්ත්වයට පත්කරන්නට අවශ්‍ය සහයෝගය ලබා දී, සාකච්ඡාමය විසදුමකට පැමිණෙන ලෙස වැඩවර්ජනයේ යෙදී සිටින සියලුම කාර්ය මණ්ඩල සේවකයින්ගෙන් තැපැල්පතිවරයා නැවතත් ඉල්ලා සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka