gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වරාය ආසන්නයේ තිබු නැවක් ගිනි ගනී

යාපනය,කන්කසන්තුරය,මයිලිටි ධීවර වරායේ පැවති පැරණි නැව අද(18දා) අලුයම ගිනි ගැනීමට ලක්ව ඇති බව කන්කසන්තුරය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ නැවේ භාණ්ඩ කිසිවක් නොතිබු අතර කාර්මික දෝෂයකට ලක්ව අදාළ නැව මයිලිටි වරායේ පැවති බවයි.

වසරක් පමණ මෙම නැව වරායේ තිබූ අතර හදිසියේ ඇති වූ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති බව පොලිසිය පවසයි. මේ අතර, මෙම නැව
HIND M නමැති ලාංකික ව්‍යාපාරිකයෙකුට අයිති නැවක් බව පැවසේ.

මෙම නැව කාර්මික දෝෂයකට ලක්ව මුහුදේ වැලිපර අතර නැවතී ඇති අතර, මීට පෙර නැව ඉන්දියාවේ සිට ලංකාවට සිමෙන්ති ප්‍රවාහනය කොට ඇති බවද අනාවරණය වි ඇති බව පොලිසිය සදහන් කළේය.

යාපනය මහ නගර සභා ගිනි නිවන භටයින් හා නාවික හමුදා ගිනි නිවන කණ්ඩායම් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය. වවුනියාව වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka