gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව මඤ්ඤොක්කා කිලෝ ලක්ෂයක් මිලදී ගනී !

කෑගල්ල දිස්ත්‍රික්කයේ මඤ්ඤොක්කා වගාකළ ගොවීන්ට නිසි මිලක් නොලැබීම නිසා තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිටින බවට වාර්තා වීමත් සමග එම ගොවීන් සතුව ඇති මඤ්ඤොක්කාවලින් කිලෝ ලක්ෂයක් වහාම මිලදී ගැනීමට මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා 'ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ' සභාපති ඉන්දික ගුරුගේ මහතාට උපදෙස් දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් කෑගල්ල
දිස්ත්‍රික්කයේ මඤ්ඤොක්කා අස්වැන්න කිලෝ ග්‍රෑම් ලක්ෂයක් මිලදී ගැනීමේ කටයුතු ලබන බදාදා (20) සිට ආරම්භ කිරීමට නියමිතය.

ගොවීන්ගෙන් මිලදී ගන්නා මඤ්ඤොක්කා තොග ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ අලෙවිසැල් මගින් අලෙවි කෙරේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මඤ්ඤොක්කා වගා කළ ගොවීන් අස්වැන්න මිලදී ගැනීමෙන් වැළකී ඒවා කුණු කොල්ලයට මිලදී ගැනීමට එක්තරා ව්‍යාපාරිකයින් පිරිසක් සැළසුම් කර තිබු බව වාර්තාවේ.

 ව්‍යාපාරිකයෙක් ටොන් 40 ක් අරන් :

 මේ අන්දමට ඇතැම් කූට ව්‍යාපාරිකයින් ගොවි ජනතාව මෙන්ම පාරිභෝගික ජනතාවද ගසා කෑමට උත්සාහ දරණ අවස්ථාවලදී වෙළෙඳපල මිල ස්ථාවරව තබා ගැනීම උදෙසා කෘෂිකර්ම අමාත්‍යංශය මැදිහත් වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් සතු මඤ්ඤොක්කාවලට ගොවීන්ට සාධාරණ මිලක් ගෙවන ලෙස ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා හදබිම අධිකාරියට උපදෙස් දී ඇත.

ඒ යටතේ මඤ්ඤොක්කා කිලෝවක්, මිල රු. 40-50 ත් අතර මිලකට මිලදී ගැනීමට යෝජිතය.

මේ අතර ශ්‍රි ලංකා හදබිම අධිකාරිය විසින් මඤ්ඤොක්කා කිලෝ ලක්ෂයක් මිලදී ගැනීමට යන බවට පළ වූ ප්‍රවෘත්තිය නිසා මීගමුවේ ව්‍යාපාරිකයෙක් විසින් මඤ්ඤොක්කා ටොන් 40 ක්, කිලෝවක් රුපියල් 45.00 බැගින් මිලදී ගෙන ඇතැයි වාර්තාවේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka