gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොසොන් දන්සැල්වලට ටින් මාළු එපා

පොසොන් සමයේ දන්සැල් සදහා ටින් මාළු ලබා දීමේදී සැළකිළිමත් වන ලෙස ඉල්ලීමක් කරන්නේ යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මෙසේද සදහන් කළේය.

"එළඹෙන පොසොන් පොහොය වෙනුවෙන්
වෙනදාට වඩා විශාල දන්සැල් ප්‍රමාණයක් රට පුරා පැවැත්වෙන බවට අපි විශ්වාස කරනවා.ඊට හේතු වී ඇත්තේ මේ වන විට විශාල ප්‍රමාණයක් දන්සැල් ලියාපදිංචි වීම. ඇතැම් ව්‍යාපාරිකයින් අඩු මිළට එසේත් නැත්නම් නොමිලේ තමන් සතු පරිභෝජනයට නුසුදුසු ටින් මාළු දන්සැල් සංවිධායකයින්ට ලබා දෙන්න පුළුවන්.ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙස අපි දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා".

"ඔබ විසින් මිළදී ගන්නා එසේත් නැත්නම් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ටින් මාළු සම්බන්ධයෙන් හොදින් අධ්‍යනය කර බලන්න.එම සැමන් ටින් තැලී,පිම්බී එසේත් නැත්නම් වෙනත් ආකාරයකට හානි වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරන්න.එමෙන්ම සැමන් ටින් විවෘත කළ පසුව ඒ තුළ කිසියම් ආගන්තුක ජීවියෙකු හෝ වෙනත් යමක් ඇත්නම් ඒ බව කඩිනමින් ළගම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැණුවත් කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා".

කෙසේ වෙතත් පොසොන් පොහොය දිනයේ දන්සැල් සදහා ටින් මාළු වෙනුවට වෙනත් ආදේශකයක් යොදා ගැනීම සුදුසු බව ඒ මහතා එහිදී අවධාරණය කර සිටියේය.

ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka