gossip lanka

අධ්‍යාපනයට රට යවන මුවාවෙන් සිසුන්ගේ මුදල් වන්චා කරන ආයතනයක් කුරුණෑගලින්

අධ්‍යාපනය සඳහා රට යවන මුවාවෙන් ළමුන්ගෙන් මුදල් රැගෙන බැංකු ගිණුම්වල තැන්පත්කරගන්නා  කූට ව්‍යාපාර ස්ථානයක් පිළිඹඳ කුරුනෑගලින් වාර්තා වෙනවා. මෙම ව්‍යාපාර ස්ථානයේ කාර්ය භාර්යය වී ඇත්තේ අධ්‍යාපනය සඳහා රට යවන බවට ප්‍රචාර ක්‍රියාවලියන් සිදුකොට ළමුන්ගෙන් මුදල් ලබාගැනීමය. ඉන්පසු එම මුදල් මෙමෙඅ ආයතනයේ අයිතිකරු ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුම් වල
දමාගෙන අවුරුදු 2 ක් පමණ මුදල් කරකවන බව වාර්තා වෙනවා. ඒ වගේම ඔහුගේ බිරිඳ ප්‍රසිද්ධ බැංකුවක වැඩ කරන හෙයින් මේ ක්‍රියාව ඉතා පහසුවෙන් මොහු සිදුකරගෙන යන බවයි වාර්තා වෙන්නේ.

කුරුණෑගල ප්‍රසිද්ධ බාලිකා පාසලක් අසල ගොඩනැගිල්ලක දෙවෙනි මහලේ පවත්වාගෙන යන මෙම චෞර අධ්‍යාපනික ආයතනය දැනට අවුරුදු ගණනක් තිස්සේ කුරුනෑගල ප්‍රදේශයේ ළමුන් මෙන්ම රටේ විවිධ ප්‍රදේශවල ළමුන්ද අමාරුවේ දමා  ඇති බවයි වැඩි දුර ආරංචිමාර්ග පවසන්නේ .

මොවුන් මාස හයකට සැරයක් එක ළමයෙකු ලංකාවේ වෙනත් ප්‍රසිද්ධ ආයතනයක් මාර්ගයෙන් රට යැවීමට කටයුතු කොට එම ළමයාගේ විස්තර ප්‍රචාරක වැඩ වලට යොදාගන්නා බව දැනගන්නට ලැබී ඇත. ඒ වගේම කුරුනෑගල ප්‍රදේශයේ රට යෑමට සුදුසුකම් නැති විශාල ළමුන් ප්‍රමාණයක් මෙන්ම වයස ඉක්මවූ ලමුන්ගේද මුදල් රැගෙන ඔවුන්ව අපහසුතාවයට පත්කොට ඇතැයි තවදුරටත් වාර්තා වේ.

එම ආයතනය සහ ආයතනයේ ප්‍රධානියාග් මෙම රැවටීමට අසුවූ ඇතැම් පිරිස් පවසන්නේ එම ආයතන හිමිකරු රට රටවල් වල සංචාරය කිරීම. අලුත් වාහන මිලදීගැනීම මෙන්ම තව තවත් නීති විරෝධී ව්‍යාපාර කරගෙන යන්නෙක් බවය.  මුදල් ලබා දී අමාරුවේ වැටුණු ඇතැම් පිරිස් නීතිය ඉදිරියට ගියත් එම ආයතනයේ හිමිකරු සහ එහි සේවය කරන ඇතැම් කාන්තාවන් පොලිසියද මුදල් මගින් පාලනය කරගෙන සිටින බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

මේ හේතුවෙන් අපට අදහස් දැක්වූ උකුස්සා පැවසුයේ කුරුණෑගල පිහිටා  තිබෙන මෙම හොර අධ්‍යාපනික ආයතනයට නොරැවටෙන ලෙසටත් ඉදිරියට මෙම ආයතනයේ දූෂණ වංචා සියල්ල සියලුම කරුණු කාරණා ඇතුලත්ව හෙළිකරන බවය.


gossip lanka