gossip lanka

වෛද්‍යවරුන්ගේ බදු ගැන ඇත්ත මෙන්න !

වෛද්‍යවරුන් කිසිවෙකුත් රජයට සේවය කිරීම වෙනුවෙන් 24% ක බද්දකට යටත් වන්නේ නැති බවත් 24% ක බද්දට යටත් වනුයේ ඔවුන් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන විට පමණක් බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය පවසයි.

පෞද්ගලික ආදායම් ලබන ඕනෑම කෙනෙකු ඔවුන්ගේ ආදායම් තත්ත්වය අනුව මෙසේ 24% ක
බද්දට යටත් වේ. එම බද්ද දියුණු රටවල පවා තිබෙන අතර එය 42% ක් පමණ වේ.

වෛද්‍යවරුන් කණ්ඩායමක් මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා සමග පෙරේදා (11) රාත්‍රී පැවති සාකච්ජාවකදී මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම කරුණු පැහැදිලිකර දී ඇත. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව තිබේ.

එහිදී මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් විසින් වෛද්‍යවරුන්ට අදාල බදු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කරුණු සැකෙවින් මෙසේය.

 උපයන විට ගෙවීමේ බද්ද:

 වෛද්‍යවරුන් යටත් වනුයේ උපරිමය 12% ක උපයන විට ගෙවීමේ බද්දට පමණි. එනම්, වෛද්‍යවරයකුගේ මුල් පත්වීමේ මාසික වැටුප සියළු දීමනා සහිතව රු. 164,876.00 කි.

එයින්, පළමු රු. 100,000 ට බදු නැත.
දෙවන රු. 50,000 ට 4% බැගින් රු. 2,000
ඉතිරි රු. 14,876 ට 8% බැගින් රු. 1,190.08

ඒ අනුව, එම්බීබීඑස් වෛද්‍යවරයෙක් ඔහුගේ මුල පත්වීම් මාසයේදී ගෙවිය යුතු වන බද්ද රු. 3,190 .08 කි.

 විශේෂඥ වෛද්‍යවරයකුගේ මුල් පත්වීමේ වැටුප සියළු දීමනා සහිතව රු. 255,379. කි.

පළවෙනි රු. 100,000 නිදහස්
දෙවන රු. 50,000 ට 4% බැගින් රු. 2,000
තුන්වන රු. 50,000 ට 8% බැගින් රු. 4,000
හතරවන රු. 50,000 ට 12% බැගින් රු. 6,000
ඉතිරි රු. 5,379 ට 16% බැගින් රු. 860.64

මේ හැර ඔවුන් පෞද්ගලික වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපාර කරන්නේ නම් අධික ලාභ ලබන අනෙකුත් ව්‍යාපාරිකයන් මෙන් 24% ක උපරිමයකට යටත්ව බදු ගෙවිය යුතු වේ.

 වසර පහෙන් පහට අළුත් වාහන:

 මෙයට අමතරව, වෛද්‍යවරුන්ටද වසර පහෙන් පහට අළුත් වාහන ගැනීම සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර හිමිවේ.

මෙමඟින් වසර 5 කට වරක් ලක්ෂ 36 ක තීරුබදු සහන ලැබේ. ඒ අනුව, වසර 30 දී රැකියාවට එන වෛද්‍යවරයකුට වසර 30 ක සේවා කාලය තුළ ලක්ෂ 36 තීරුබදු සහන 6 ක් හිමිවේ.

ඒ යටතේ ඔවුන්ට ලැබෙන සහනයේ වටිනාකම රු. ලක්ෂ 216 කි.

ඔවුන් විශ්‍රාම යාමට පෙර වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ විධායක තනතුරට පත්වුවහොත් විශ්‍රාමික තීරුබදු සහනය රු. මිලියන 90 ක් පමණ ලැබේ.

gossip lanka