gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොදෙව් ගිය මැතිව්ස්‌ ආපසු ලංකාවට එයි..?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය පෞද්ගලික හේතුවක්‌ මත යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට දන්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානීන් මැතිව්ස්‌ගේ ඉල්ලීම පරිදි ඔහුට නිවාඩු ලබා දීමට සාකච්චා කර ඇති බවත්, බටහිර ඉන්දීය කොදෙව්වන් සමග හෙට (14 දා) ආරම්භ වන දෙවන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය මෙන්ම
ඇතැම් විට තෙවන තරඟය ඇතුළු ටෙස්ට් තරඟාවලියම ඇන්ජලෝ මැතිව්ස්‌ට අහිමි වීමට ඉඩ තිබෙන  බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවටයි පැවසෙන්නේ.

යම් හෙයකින් මැතිව්ස්‌ ශ්‍රී ලංකාවට පැමිණියහොත් ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායම සමග කොදෙව් සංචාරයේදී පිතිකරුවකු සහ පන්දු යවන්නකු වශයෙන් වැඩි දක්ෂතා දැක්වූ දසුන් ශානකට එම ස්ථානය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි සඳහන් වන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka