gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සැකකරුවන්ගේ රථය සොයාගනී - Video

කතරගම - කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ කිරිවෙහෙර විහාරාධිපති හිමියන් මේ වන විට හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, උන්වහන්සේගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේ නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය
වීදාපොල සෝභිත හිමියන්, කිරිවෙහෙර උඩ මළුවේ සිට පහත මළුවට වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

පහත මළුවේ සැඟව සිටි නාඳුනන පුද්ගලයින් තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර කිරිවෙහෙර ආසන්නයේ නවතා තිබූ යූ.පී. සී.ඒ.ජී. 8531 අංකය දරණ රතු පැහැති ජීප් රථයක නැගී පළා ගොස් තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කිරිවෙහෙර නාහිමියන් සහ අනෙක් හිමි නම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහල වෙත මාරු කර යැවුණා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ වෙඩි තැබීමෙන් නාහිමියන්ගේ දකුණු පාදයට සහ වම් අතට තුවාල සිදුවී ඇති අතර අනෙක් හිමි නමගේ දකුණු පාදයට තුවාල සිදුවී ඇති බවයි.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පළා ගිය ජීප් රථය පසුව කිරිවෙහෙර ආසන්න ප්‍රදේශයක දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගත්තා.

නාහිමියන්ට වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස්පති නියමයෙන් කණ්ඩායම් 8ක් පත් කර තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka