gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පයිලට්ලා 3ක් අද ජනාධිපති කොමිසමේ !

ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සාක්ෂි විමසීම සඳහා අද (13) ගුවන් නියමුවන් තිදෙනෙකු කැඳවා තිබේ.

කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන්
කළේ, සාක්ෂි විභාගය අද උදෑසන 10.00 ට ආරම්භ කිරීමට නියමිත බවය.

මීට පෙර කොමිසම සමාගම් රෙජිස්ටාර් ජනරාල්වරයාගෙන් හා සමාගම් රෙජිස්ටාර් අංශය භාර කළමනාකරණ සහකාරවරයාගෙන් මිහින් ලංකා හා ශ්‍රීලංකන් කේටරින් ආයතනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම සිදු කළේය.

මේ අතර, ශ්‍රීලංකන්, මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට මහජන පැමිණිලි 44කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, පැමිණිලිවලට අදාළ විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක බව ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ ප්‍රධානත්වයෙන් නිතී කණ්ඩායමක් පත් කර ඇති අතර විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා තිබේ.

ශ්‍රීලංකන්, මිහින් හා ශ්‍රීලංකන් කෙටරින් යන ආයතවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් පෙබරවාරි 14 වන දා විශේෂ කොමිසමක් පත් කළේ ය.

ශ්‍රීලංකන් එයාලයින්, සීමා සහිත ශ්‍රීලංකන් කේටරින් සහ සීමාසහිත මිහින් ලංකා සමාගම්වල 2006 ජනවාරි මස 06 වන දින සිට 2018 ජනවාරි 31 දක්වා වූ කාලය තුළ සිදුවූවා යැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳව විමර්ශන හා පරීක්ෂා කර වාර්තා කිරීම මෙම ජනාධිපති කොමිසමේ කාර්යභාරය වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka