gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාකච්ඡා අවංක, ඍජු සහ ඵලදායී - ට්‍රම්ප්

ඒකාබද්ධ ගිවිසුමකට එළඹෙමින් අවසන් වූ උතුරු කොරියානු නායකයා සමග පැවති සාකච්ඡාව "අවංක, ඍජු සහ ඵලදායී" වූවක් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

සමුළුව අවසානයේ නායකයන් දෙදෙනා "පුළුල් ලේඛනයකට" අත්සන් තැබූ නමුත්, ඔවුන් පැමිණි එකඟතා පිළිබඳ පැහැදිළි කිරීමක් නොකළේය.

න්‍යෂ්ටික අවිහරණය සහ අවිනිශ්චිතතාව මගහැරීම
පිළිබඳ ඔවුන් සාකච්ඡා කරන්නට යෙදිණි.

"ලැබුණු ප්‍රතිඵලය ගැන දෙපාර්ශ්වයම සතුටු වෙනවා කියල මම හිතනවා" ට්‍රම්ප් පැවසීය.

"අපි අතීතය පසෙකින් තබන්නට තීරණය කළා" කිම් ජොන්-අන් පැවසීය.

"ලෝකය විශාල වෙනසක් දකීවි" ඔහු වැඩිදුරටත් පැවසීය

වසරක පමණ කාලයක් දෙරටේ නායකයන් අතර පැවති තියුණු වාග් සංග්‍රාමයකින් අනතුරුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ පිහිටි සුඛෝපභෝගී නිකේතනයකදී සිදුවූ හමුවේදී දෙරටේ නායකයෝ අතට අත දෙමින් එකිනෙකා උණුසුම් ලෙස පිළිගත්හ.

මෙම සිදුවීම් මාලාවේ සාර්ථකත්වය පිළිබඳ විශ්ලේෂකයෝ මත දෙකක් පළ කරති. සාකච්ඡාව, කිම් ජොන්-අන් ලැබූ ප්‍රචාරාත්මක ජයග්‍රහණයක් ලෙස සමහරෙක් දකින අතර ඇතැමෙකු එය දකින්නේ සාම මාවතට පිවිසීමක් ලෙසය.

සෙන්ටෝසාහිදී එකිනෙකා වෙත පිය නැගූ දෙරටේ නායකයෝ ඇමරිකානු සහ උතුරු කොරියානු ධජ ඉදිරියේ අතට අතදී එකිනෙකා පිළිගත්හ.

මාධ්‍යවේදීන් ඉදිරියේ කෙටියෙන් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, නායක කිම් සමග "විශාල සබඳතාවක්" ගොඩනැගෙනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.

(බීබීසී සංදේශය)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka