gossip lanka

මනම්පිටියේ වැලි ගොඩ දැමූ බෝට්ටු 30ක් ගිනිබත් කරලා !

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ අධීක්ෂණය යටතේ පොළොන්නරුව මනම්පිටියේ මහවැලි ගඟ අසබඩ වැලි ගොඩ දැමීමේ නියුතු මංකඩ හිමියන්ගේ සහ ටිපර් රථ හිමියන්ගේ සංගම් වලට අයත් මංකඩ අසන්නයේ ගාල් කර තිබු වැලි ගොඩ දමන බොට්ටු 30ක් පමණ ගිනි තබා තිබේ.

කෙසේවුවද, මෙසේ ගොඩදමන වැලි විකිණීම සිදුකරනු ලබන්නේ ජී.එස්.එම්.බී. තාක්ෂණික සේවා පෞද්ගලික සමාගම විසිනි.

මනම්පිටිය මහවැලි ගඟ අසබඩ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් ගං ඉවුර දෙපස සිටි
ජනතාව වැඩි පිරිසක් ජීවත්වූයේ වැලි ගොඩදැමීමේ රැකියාවෙනි.

එම ස්ථානය පසුගිය ආණ්ඩුව විසින් මැදිහත් ව පුද්ගලික සමාගම් වෙත ලබාදීම හේතුවෙන් එම සමාගම්, මංකඩ හිමියන් හා වැලි ගොඩ දමන කම්කරුවන් අතර නිතර නිතර ආරවුල් පැවැති බව ප්‍රදේශවාසීහු කියති.

මෙම ස්ථානයේ මහවැලි ගඟ දෙපස රජයේ ලියාපදිංචි වැලි ගොඩ දමන මංකඩවල් 200ක් පමණ ඇති බවත්, මේවන විට ටිපර් රථ හිමියන්ගේ සංගමය සහ මංකඩ හිමියන්ගේ සංගමය ලෙස සංගම් දෙකකට අයත් පිරිස වැලිගොඩ දැමීමේ කාර්යයේ නිරත බව පැවසේ.

අදාළ මංකඩවල රැකියාවේ නිරතවූවෙක් කියා සිටියේ “ අපි මාර දුකක් විදලා තමයි මේ වැලි ගොඩ දාන්නේ. පාන්දර හයට විතර තමයි වැඩට එන්නේ ඒ ආපු වෙලේ ඉදලා වතුරේ බැහැලා ඉන්නවා හවස පහ විතර වෙනකං එහෙම ඉදලා තමයි කියක් හරි හොයාගෙන ගිහින් අඹු දරුවෝ රැක ගන්නේ. දැන් එකත් නැහැ. රස්සාව නැති වුනාම සල්ලි නැහැ. එතකොට දරුවො බඩ ගින්නේ. ඒවා ලොකු මිනිස්සුනට ප්‍රශ්නයක් නැහැ. අපි තමයි තැලෙන්නේ අනේ ගරු ජනාධිපතිතුමනි ඔබතුමා මැදිහත් වෙලා මේ මංකඩවල් වලට රෑට පොලිසියෙන් දාලා හරි රැකලා අපේ රැකියාව කරන්න හදලා දෙන්න” යනුවෙනි.

මේ අතර, ටිපර් රථ හිමියන්ගේ සංගමය සහ මංකඩ හිමියන්ගේ සංගම් ප්‍රධානීන් පවසා සිටින්නේ තමන් දෙපිරිස හා සමාගම අතර ගැටුම් ඇති කිරීමට කිසියම් පිරිසක් විසින් මෙය සැලසුම් කර සිදු කල ක්‍රියාවක් බවයි.

තම ආයතනයට යටතේ ක්‍රියාත්මක මංකඩ හිමියන්ගේ සංගමයට සහ ටිපර් රථ හිමියන්ගේ සංගමයට අයත් මංකඩවල් 180ක් 200ක් පමණ තිබන බවත්, ඊයේ (16) පාන්දර කිසියම් පිරිසක් විසින් මංකඩවල් තිහක බෝට්ටු 30ක් ඇතුළු උපකරණ කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති බවත්, ජී.එස්.එම්.බී. තාක්ෂණික සේවා පෞද්ගලික ආයතනයේ කළමනාකරු වන ඒ.එම්.එන්. අතපත්තු මහතා කීය.

ඒ.එමි .එන් අතපත්තු

සියලුම මංකඩ හිමියන් ගොඩදමන වැලි සියලෙලේ අලෙවි කටයුතු භාරව සිටින්නේ අපේ සමාගමයි, ඒ නිසා අලාභ වු බෝට්ටු සහ උපකරණ අප විසින් නැවැත ලබා දීමට කටයුතු කරනවා. මේ සිදුවීම වුනා කියලා වැලි ගොඩ දැමීමවත්, අලෙවියවත්, කිසිවෙකුට රැකියා අහිමිවීමට අපඉඩතබන්නේ නැතැයිද ඔහු පැවසීය.

සටහන හා ජායාරූප - ඩබ්ලිව්.ඒ. පියතිලක පොළොන්නරුව වාර්තාකරු

ගින්නෙන් හානි වු බොට්ටු සහ මංකඩවල රැකියාවේ නිරත පුද්ගලයින් සහ මංකඩ හිමියන්

gossip lanka