gossip lanka

යට ඇඳුම් අස්‌සේ කුඩු ගෙනගිය කාන්තාවෝ දෙදෙනා කටුවැල්ලේගමදී දැලේ

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ලබා සැමියන් රිමාන්ඩ් භාරයේ පසුවෙද්දී එම ජාවාරම තවදුරටත් ගෙන යැම සඳහා ඉදිරිපත්වූ තරුණ බිරියන් දෙදෙනකු රුපියල් දෙලක්‍ෂයක්‌ පමණ වටිනා හෙරොයින් තොගයක්‌ සමග අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. ප්‍රදීප් චාමර මහතා සමත්විය.

මෙම වැටලීම් දාගොන්න සහ කටුවැල්ලේගම යන ප්‍රදේශය තුළදී සිදුකර ඇත. එම තරුණ බිරියන්
දෙදෙනා තම යට ඇඳුම් තුළ සඟවාගෙන සිටියදී හෙරොයින් ග්‍රෑම් 13 මිලි ග්‍රෑම් 840 ක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

දිවුලපිටිය කටුවැල්ලේගම සහ දාගොන්න යන ප්‍රදේශවල කාන්තාවන් දෙදෙනකු විසින් හෙරොයින් ජාවාරම ජයට පවත්වාගෙන යන බවට ලත් තොරතුරු මත මෙම වැටලීම සිදුකළ බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

මීගමුව සමූහ - විමල් කීර්ති


gossip lanka