gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එන සතියේ බැංකු පොලිය ඉහළ යයි !

ඉදිරි සති කිහිපය තුළ බැංකු පොලී අනුපාතය තවත් 1%කින් පමණ ඉහළ යා හැකි බව මහ බැංකු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හේතු ගණනාවක් නිසා මහ බැංකු මුදල් සංචිතය ඩොලර් මිලියන 500කින් පමණ අඩුවීම, දේශීය බැඳුම්කරවල පොලිය ඉහළ යාම ආදී කාරණා හේතුවෙන් බැංකු පොලිය ඉහළ දැමීමට හේතුව බව පැවසේ.

පසුගිය වසරේ ඉන්ධන ආනයනය සඳහා අපේක්ෂිත
මුදලට වඩා ඩොලර් මිලියන 900ක් පමණ වැඩිපුර වැයවීම හා රත්තරන් ආනයන වියදම ඩොලර් මිලියන 500කින් ඉහළ යාමත් නිසා විදේශ විනිමය මත පීඩනයක් හටගෙන තිබේ.

රටේ සමස්ත ආනයන වියදම ද පෙර වසරට සාපේක්ෂව ඩොලර් බිලියන 2කින් පමණ ඉහළ ගොස් ඇත.

මෙම පසුබිමේ පවතින මූල්‍ය හිඟය නිසා බැංකු පොලී අනුපාතය ඉදිරියේදී 1%කින් ඉහළ යාම අනිවාර්ය බව කියැවේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka