gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉරිදා දහම් පාසල් අනිවාර්ය කරයි !

ඉරිදා දින උදය වරුවේ බෞද්ධ ඇතුළු සියලු ආගම්වල දහම් පාසල් අනිවාර්යය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරණ බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බුද්ධශාසන අමාත්‍යාංශයේදී බෞද්ධ උපදේශන සභාව රැස් වු අවස්ථාවේදීය.

මෙම කැබිනට් පත්‍රිකාව තමන් ඉදිරිපත් කරන්නේ
අනෙකුත් සියලු ආගම්වලට අදාළ වගකීම් උසුලන අමාත්‍යවරුන්ගේ මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා සමගින් බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

එහිදි සියලු ආගම්වල දහම් පාසල් අධ්‍යාපනය සාර්ථකව සිදුකරනු ලබන දරුවන්ට පාසල් විභාගවලදී ලකුණු ප්‍රමාණයන් ලබාදීම කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා කීය.

බෞද්ධ උපදේශන සභා රැස්වීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපුජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිවුල්කුඹුරේ සරණංකර විමලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේ , අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ,පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය පාද එල්ලාවල නායක ස්වාමීන් වහන්සේ, කොළඹ නවකෝරළයේ හා නවතොටමුනේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය දිවියාගහ යසස්සී නායක ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ උපදේශක සභාවේ සමාජික නායක ස්වාමින් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ නියෝජිතයෝ ද එක්ව සිටියහ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka