gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසිය දැක මහවැලි ගඟට පැන්න තරුණයා මියගිහින්

කින්නියා පොලිස් බලප්‍රදේශයට අයත් මහල්ආරු ප්‍රදේශයේ. නීති විරෝධි වැලි ගොඩ දැමීමේ සිද්ධියක් වැටලීමට ගිය. පොලිස් නිලධාරින් දැක පැන ගොස් මහවැලි ගඟට පැන අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර ඊට නුදුරින් පිහිටි උප්පාරු පාලම අසල පාවෙමින් තිබිය දී ඊයේ (21) සොයා ගත් බව කින්නියා පොලිසිය කියයි.

මෙසේ මිය ගියේ කින්නියා පයිසාල් නගර් පදිංචි අබ්දුල් රාසික් ප්‍රසිද් (18) නොහොත් රනිස් නමැති අයයි.

නීති විරෝධී වැලි ජාවාරමක් සම්බන්ධයෙන්  ලද තාරතුරකට අනුව එහි ගිය ත්‍රිකුණාමල දිසා දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින් දැක ජාවාරම්කරුවන් පැන දිවගිය අතර මිය ගිය අය පොලිස් නිලධාරින්ගෙන් බේරිමට මහවැලි ගඟට පැන ඇති අතර පිහිනීමට නොහැකි වූ මිය සිය අය පෙරේදා (20) පස්වරුවේ අතුරුදන් වී තිබුණි. පැන දිවූ සැකකරුවන් ලුහුබැඳිම පසෙක තැබූ පොලිසිය අතුරුදන් වූ තරුණයා සෙවීමට කටයුතු කළ අතර මහවැලි ගඟට දමා වැලි ගොඩ දැමූ ට්‍රැක්ටරය අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි කින්නියා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.පී.බී. විජේසිරි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් සමඟ අතුරුදන් වූ තරුණයා සෙවීමට කටයුතු කළේය. එම ස්ථානයට පැමිණි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල කඩුපිටිය. සහකාර පොලිස් අධිකාරි කුමාර වීරසිංහ යන මහත්වරු අවශ්‍ය උපදෙස් ලබා දුන්හ.

මේ අනුව අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර පාවෙමින් තිබිය දී සොයා ගත් අතර මහේස්ත්‍රාත් පරීක්‍ෂණයකින් පසු පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම සිද්ධියෙන් පසු අවට පොලිසිවලින් විශේෂ රාජකාරි කැඳවූ පොලිස් නිලධාරින් කණ්ඩායම් ප්‍රදේශයේ ආරක්‍ෂවට යොදවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසිය වැඩිදුර පරික්‍ෂණය මෙහෙයවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka