gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සේවය ස්ථීර නොකල දුකට ගුරුවරියක් ගත්ත දැඩි තීරණය

වසර දහයකට වඩා වැඩි කාලයක්‌ සේවය කරලා...

ස්‌වෙච්ඡා ගුරුවරියක ලෙස වසර දහයකට වඩා වැඩි කාලයක්‌ සේවය කළ නමුත් ඇයගේ සේවය ස්‌ථිර නොකිරීම නිසා සිත්තැවුලට පත් මුලතිව් ඔඩ්ඩිසුඩාන් ප්‍රදේශයේ ගුරුවරියක ගෙල වැලලාගෙන මියගොස්‌ තිබෙනවා.

මෙලෙස මියගොස්‌ ඇත්තේ මුලතිව් ඔඩ්ඩිසුඩාන් පොලිස්‌ වසමේ පදිංචිව සිටි එස්‌. තවරංජනී නමැති තිස්‌ හය හැවිරිදි කාන්තාවක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ දිනවල උතුරේ පත්වීම් ස්‌ථිර කළ ස්‌වෙච්ඡා ගුරුවරුන්ගේ නාම ලේඛනයක්‌ පළාත් අධ්‍යාපන අධ්‍යක්‌ෂවරුන් අතට පත් වී ඇති අතර එම නාම ලේඛනයේ මියගිය කාන්තාවගේ නම සඳහන්ව නොතිබීම සම්බන්ධයෙන් ඇය දැඩි ලෙස කම්පනයට පත්ව සිටි බව ඇගේ ඥතීන් හා යෙහෙළියන් පොලිසියට පවසා තිබෙනවා.

මියගිය කාන්තාව උතුරේ ස්‌වෙච්ඡා ගුරුවරුන්ගේ පත්වීම ස්‌ථිර කරගැනීම සඳහා උද්ඝෝෂණ හා විරෝධතා රැසක්‌ දියත් කළ සාමාජිකාවක්‌ බව උතුරේ ස්‌වෙච්ඡා ගුරුවරුන්ගේ සංගමය කියා සිටිනවා.

මියගිය කාන්තාවගේ මළ සිරුර මුලතිව් මාංචෝලෙයි රෝහලට රැගෙන ගොස්‌ ඇති අතර ඔඩ්ඩිසුඩාන් පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණ පවත්වනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka