gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ පූජකවරයකු මැරූ සෙබළා ඇතුළු 03කට මරණ දඬුවම

යාපනය, සංගානෙයි, මුරුගමූර්ති මාර්ගයේ පිහිටි නිවසකදී හින්දු පූජකවරයෙකු ඝාතනය කළ යුද හමුදා සෙබළෙකු ඇතුළු තිදෙනෙකු වෙත යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් ඊයේ (22) මරණ දඬුවම නියම කළා.

2010 වසරේ යාපනය, සංගානෙයි, මුරුගමූර්ති මාර්ගයේ පිහිටි නිවසකදී පූජක නිත්යකනන්ද කුරුක්කල් නමැති පූජකවරයා ඝාතනය කළ පුද්ගලයින් තිදෙනෙකු වෙත එලෙස මරණ දඩුවම
නියම කෙරුණා. නඩු විභාගය මීට පෙර යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වු අතර නීති පති උපදෙස් මත නඩු විභාගය අනතුරුව යාපනය මහාධිකරණයේදී විභාගයට ගැණින.

නඩු විභාගයේදී කාසිනාදන් මුහුන්දන්, බාලසුබ්රිමනියම් ශිවරූබන් හා යුද හමුදා සෙබළෙකු වු පේදුරු ගුණසේන නමැති පුද්ගලයින් තිදෙනා වෙත එලෙස මරණ දණ්ඩණය නියම කරනු ලැබුවා.

විත්තිකරුවන් ස්වයංක්‍රීය ගිණි අවි යොදාගෙන පූජකවරයා ඝාතනය කිරීම වෙනුවෙන් මරණ දඬුවමද, පූජකවරයාගේ දරුවන් තුවාල කිරීමේ වරදට වසර විස්ස බැගින් වන සිර දඬුවමක්ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ නාගරත්නම් නිශාන්තන් පෙනී සිටි අතර, අතර විත්තිරකරුවන් වෙනුවෙන් නීතිඥ ශර්මිනි විග්නේවරන්හා  ජෝයි මහිල් මහාදේවා පෙනී සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය විමර්ශන මෙහෙයවනු ලැබුවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka