gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ධම්පත් ප්‍රනාන්දු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ධම්පත් ප්‍රනාන්දු මහතා ඊයේ (27)පත් කර තිබේ.

මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මීට දින කිහිපයකට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් ධම්පත් ප්‍රනාන්දු මහතා එම තනතුරට පත් කර ඇත.

මේජර් ජනරාල් ධම්පත් ප්‍රනාන්දු මහතා මීට පෙර යුද
හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේ මුලතිව්හි ආරක්ෂක බළකා කොමදෝරු ලෙස සේවාව නිමා කරමිනි.

ඉහළ තලයේ වර්ණලත් නිලධාරියකු වූ හෙතෙම උතුරු හා නැගෙනහිර බළකායන් කිහිපයකට නායකත්වය ලබා දුනි.

ඔහු දැනට ගැමුණු හේවා බල ඇණියේ අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.

1983 අප්‍රේල් 27 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කැඩෙට් නිලධාරියකු ලෙස එක්ව ඇති ඒ මහතා යුද හමුදා ඇකඩමියේ මුලික පුහුණුවෙන් පසු 18 වෙනි විසිර යාමේ උත්සවයෙන් අනතුරුව 1984 නොවැම්බර් 07 වෙනි දින දෙවන ලුතිනන්වරයකු ලෙස පත්ව තිබේ.

වසර 34 කට වඩා වැඩි කාලයක් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු විවිධ තනතුරු හොබවා ඇත. ඒ මහතා දේශීය හා විදේශීය හමුදාමය පාඨමාලාවන් හදාරා තිබේ.

දක්ෂ ක්‍රීඩකයකු වශයෙන් ඔහු ශ්‍රී ලංකාවේ බාස්කට් බෝල හා ආරක්ෂක සේවා ස්කොච් තරගාවලි ද නියෝජනය කර ඇත.

ඔහු කඳාන ද මැසනෙද් විද්‍යාලයේ ආදී සිසුවෙකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka