gossip lanka

යාපනය පොලිස් මුරකුටියකට ගිණි තබයි

යාපනය, අරියාලෙයි මනියතෝට්ටම් ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබූ පොලිස් මුරකුටියක් කිසියම් පිරිසක් විසින් ගිණි තබා විනාශ කර ඇති බව යාපනය පොලිසිය පවසයි.

මනියතෝට්ටම් ප‍්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක‍්‍රියා සහ වැලි ජාවාරම් වැළැක්වීම සඳහා මෙම මුරකුටිය ස්ථාපිත කොට තිබූ බව පොලිසිය පැවැසීය.

මාස කිහිපයක් අදාල ප‍්‍රදේශයේ තිබූ පොලිස්
මුරකුටිය භාවිතයට නොගෙන තිබූ අතර පසුව එය කිසයම් පුද්ගලයින් පිරිසක් ගිනිතබා ඇත. ගිණි තැබුවේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් කිසිවෙකුගේ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් විය හැකි බවට සැක පළකරන බව යාපනය පොලිසිය සඳහන් කළේය





gossip lanka