gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලි ත‍්‍රස්තයන්ගේ බෝම්බ තැතක් ශී‍්‍ර ලංකා හමුදාවෝ ව්‍යාර්ථ කරති

මාලි රාජ්‍යයේ සාම සාධක සේවයේ යෙදී සිටින ශී‍්‍ර ලංකා හමුදා බල ඇණිය එරට ත‍්‍රස්ත කණ්ඩායම් විසින් සිදු කිරීමට උත්සහ කළ ප‍්‍රහාරයක් සාර්ථකව ව්‍යාර්ථ කර තිබෙනවා. කිලෝ ග්‍රෑම් 30කට ආසන්න පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මෙම ප‍්‍රහාරය සිදු කිීරීමටයි මාලි ත‍්‍රස්ත කණ්ඩායම් උත්සහ කර ඇත්තේ.

ශී‍්‍ර ලංකා හමුදා බල ඇණිය ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරය සැලසුම් කර තිබුණු බවද අනාවරණ වී
තිබෙනවා. ප‍්‍රහාරය සඳහා පැමිණි බෝම්බකරු සහ ශී‍්‍ර ලංකා හමුදා බල ඇණිය අතර වෙඩි හුවමාරුවක්ද සිදුව ඇති බවයි වාර්තා වුණේ. බෝම්බකරු එහිදී මිය ගොස් ඇති අතර ඔහුගේ සිරුර සහ ඔහු විසින් පිපිරවීමට රැගෙනවිත් තිබූ බෝම්බය ශී‍්‍ර ලංකා හමුදා බලඇණිය විසින් මාලි පොලීසියට භාර දී තිබෙනවා.

මේ පිළිබඳ කළ විමසීමකදී ආරක්ෂක විශේෂඥයින් පැවසුවේ ඉකුත් යුද සමයේදී ලැබූ අත්දැකීම්ද මෙවැනි වික‍්‍රමයක් කිරීමට ශී‍්‍ර ලංකා හමුදා බල ඇණියට ශක්තියක් වන්නට ඇති බවයි. සාමසාධක සේවයට යෙදවිය යුත්තේ අත්දැකිම් සහිත හමුදා සාමාජිකයින් බවද ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දුන්නා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka