gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිකරණය ගෙවුණු සියවසේ අන්තිම කැමති පත්‍ර 252 ක් දිගහරියි

දශක හයකට ආසන්න කාලයක් තිස්සේ මහාභාරකාරවරයාගේ සේප්පුවේ තැන්පත් කර ඇති රුපියල් බිලියන ගණනක වටිනාකමින් යුත් දේපළවලට අදාළ අන්තිම කැමතිපත්‍ර 252ක් අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක මහතා ඊයේ (29) නියෝග කළේ ය.

1931 වසරේ සිට 1992 වසර දක්වා දිවයිනේ විවිධ තරාතිරමේ පුද්ගලයින් හා දානපතීන් විසින්
මහාභාරකාරවරයාට පවරා මෙතෙක් මහාභාරකාරවරයා කිසිදු පියවරක් නොගත් අන්තිම කැමතිපත්‍ර 252 ක් මෙසේ අධිකරණරණයට කැඳවන ලෙස විනිසුරුවරයා. දන්වා සිටියේ ය.

වත්මන් මහාභාරකාර සනත් වීරත්න මහතා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේ ය.

1931 වසරේ සිට 1992 වසර දක්වා විවිධ පුද්ගලයන් මහා භාරකාර - දෙපාර්තමේන්තුවට අන්තිම කැමතිපත්‍ර මඟින් පැවරූ දේපළ සම්බන්ධයෙන් හිටපු මහාභාරකාරවරුන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, එම අන්තිම කැමතිපත්‍ර විවෘත කර ඒවායේ කැමැත්ත ඉටුකිරීමට අවසර ලබාදෙන ලෙස මහාභාරකාරවරයා මෙම නඩුව මඟින් ඉල්ලා සිටියේ ය.

අන්තිම කැමති පත්‍ර සතු දේපළ පිළිබඳ අවසන් තීරණය දිසා අධිකරණය බැවින් මහාභාරකාර පනතේ අටවන වගන්තිය ප්‍රකාරව දිසා අධිකරණයේ අධීක්ෂණය යටතේ අන්තිම කැමතිපත්‍ර විවෘත කිරීමට අවසර ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේ ය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්ක්‍රාම් මොහොමඩ් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම දේපළවල වටිනාකම රුපියල් බිලියන හෝ ඊට වැඩි විය හැකි බවය.

අන්තිම කැමතිපත්‍ර මහභාරකාරවරයාට බාරදීමෙන් පසුව මාස තුනක් ඇතුළත ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම මහාභාරකාර දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සම්ප්‍රදාය වූවත් මෙතෙක් පත් වූ මහාභාරකාරවරුන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකර නොමැති බැවින් අධිකරණයේ අධීක්ෂණය පරිදි ඒවා විවෘත කර කැමැත්ත ඉටුකිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.

අදාළ අන්තිම කැමතිපත්‍රවල ලිපිනයන් අධිකරණයට ඉදිරිපත් කළ හැකිදැයි දිසා විනිසුරුවරයා මෙහිදී ප්‍රශ්න කළේ ය. අන්තිම කැමැතිපත්‍ර පොදු ලේඛනයක් යටතේ බාරගෙන ඒවා විවෘත නොකර සේප්පුගත කිරීම සිදු කරන බවත්, අදාළ විස්තර විවෘත කිරීමෙන් අනතුරුව ලබාගත හැකි බවත් කරුණු ඉදිරිපත් කෙරිණි. කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ අන්තිම කැමැති පත්‍ර ලබන 23 (අප්‍රේල්) දිසා අධිකරණයට කැඳවන ලෙසත් ඉන්පසුව තීන්දුවක් නිකුත් කරන බවත් නියෝග කළේය.

නියෝජ්‍ය මහාභාරකාර ගෞරි කරවිට මහත්මිය ද අධිකරණයේ පෙනී සිටියාය. පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන, නදිකා හල්හේන ඇතුළු නීතිඥ පිරිසක් පෙනී සිටියහ. වැඩිදුර විභාගය අප්‍රේල් 23 දින සිදුකෙරේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka