gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවීමක්

එළඹෙන උත්සව සමයේදී රාජ්‍ය ආයතන නිලධාරීන්ට තෑගි බෝග ලබාදීම අල්ලස ගනයට වැටෙන බැවින් එවැනි අල්ලස් ලබාදීම් හෝ ලබා ගැනීම් සිදුවේද යන්න දැඩි සුපරීක්ෂාවෙන් සිටින බව අල්ලස් කොමිසම පවසයි.

ඒ අනුව එවැනි ක්‍රියා සිදු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කර තිබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ
අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.

විශේෂයෙන් ජනතාවට සෘජු ලෙස බාලපාන රාජ්‍ය ආයතනයන් වන අධ්‍යාපනය, ‍පොලිසිය, රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, විදුලි බලය, ජල සම්පාදනය, රජ්‍ය වාණිජ හා පාරිභෝගික කටයුතු ආදී ආයතනයන්හි නිලධාරීන් මේ දිනවල කරන ගනුදෙනු හා ලබාගන්නා තෑගි බෝග සම්බන්ධයෙන් ඉතාම සියුම්ව හා උපක්‍රමශීලීව නිරීක්ෂණය කිරීමට විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කර තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

මේ දක්වා මෙම ආයතන සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිලවලට එළඹෙන සතිය තුළදී ක්‍රියාත්මක වීමට බලා‍පොරොත්තු වන බවත් අල්ලස් ගැනීම් හෝ ලබාදීම් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 1954 දුරකථන අංකයට දන්වන ලෙසත් ‍පොලිස් අධිකාරිවරයා කීවේය.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka