gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහ බැංකුවත් 18 වංගුව වාගෙයි !

සිතා මතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

2018.03.31 දිනෙන් පසු එවැනි විකෘති මුදල් නෝට්ටු භාවිතය තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර ප්‍රකාශ කර තිබුණද එහිදී සාමාන්‍ය මහජනතාව මුහුණදෙන අපහසුතාවන් සහ ඔවුන්ගේ බලවත් ඉල්ලීම මත තවදුරටත් එම සේවාව පවත්වාගෙන යෑමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව
2018.03.29 දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඒ අනුව අත්වැරදීමකින් කුඩා ඉරක් හෝ තිතක් වැනි සලකුණක් සටහන් වී ඇති ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කරන ලද මුදල් නෝට්ටු ලෙස නොසලකන අතර එවැනි මුදල් නෝට්ටු ගනුදෙනු සඳහා තවදුරටත් භාවිත කළ හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් සිතා මතා විකෘති කරන ලද මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයට හෝ එහි ප්‍රාදේශීය කාර්යාල වෙත ලබාදිය හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරයි.

අදාළ නිවේදනය පහත දැක්වේ.


තුන්පාරක් වැඩේ කල් දැම්මා..

විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017 වසරේ දෙසැම්බර් 31 වෙනිදායින් පසු ගෙවීම් නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව මුලින්ම නිවේදනය කර තිබූ අතර, පසුව එය 2018 මාර්තු 31 වැනිදා දක්වා කල් දමන ලදී.

ඒ අනුව මේ තීරණය මේවන විට මහ බැංකුව අවස්ථා තුනකදී පසුපස්සට තල්ලු කර තිබේ.

ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ වරදක් යටතට ගැනෙන බව මහ බැංකුව එම අවස්ථාවල ප්‍රකාශ කළ නිවේදන වල දැක්විණි.

මුදල් නෝට්ටුවලට හානි කිරීම සිර ගත කිරීම හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදක් බවත් එම නිවේදනයන්හි සඳහන්ව තිබිණි.

එවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු සන්තකයේ තබා ගන්නා පුද්ගලයන් හට එම මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදු වන බවත් ඉහත කී නිවේදනයන්හි වැඩිදුරටත් දැක්විණි.







gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka