gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාබන් බද්ද හෙට සිට කරලියේ : ලයිසන් ගාස්තු ඉහලට

වාහන ලියාපදිංචියේදී (ලයිසන් කිරීමේදී) අය කරන ගාස්තුව ඉහළ දමමින් රජය හඳුන්වා දුන් නව කාබන් බද්ද හෙට සිට (අප්‍රේල් 01 සිට) ක්‍රියාත්මක කෙරේ.

වාහනයට වාර්ෂිකව ආදායම් බලපත්‍රය ලබාගැනීමේදී වාහනයේ ධාරිතාව හා ධාවන කාලය (වසර ගණන) සලකා මෙම බද්ද අය කිරීමට නියමිතය.

ඒ අනුව එන්ජින් ධාරිතාව C-C-1000ට අඩු වසර 5කට වඩා අඩු ධාවන කාලයක් ඇති පෙට්‍රල් හා ඩීසල්
වාහනවලින් C-C-1කට ශත 50 බැගින් බදු අය කෙරේ.

වසර 5ත් 10ත් අතර කාලයක් පැරැණි වාහනවලින් C.C 1කට රු.1.00ක් ලෙස බදු අය කෙරේ.

වසර 10කට වඩා පැරැණි වාහනවලින් C.C 1ට රු. 1.50ක් ලෙස බදු අය කිරීමට නියමිතය.

මගී ප්‍රවාහන බස් රථවලදී ධාවන කාලය වසර 5ට අඩු රථයකින් රු.1000ක් ද වසර 5ත් 10ත් අතර ධාවන කාලයක් ඇති බස්වලින් රු.2000ක් ද වසර 10කට වැඩි ධාවන කාලයක් සහිත බස් රථවලින් රු.3000ක් ද වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව එක් කෙරෙයි.

මෙම නව බද්ද පසුගිය අයවැයෙන් හඳුන්වා දෙනු ලැබීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka