gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මවගේ උකුල මත අවසන් හුස්‌ම හෙලූ මුදිතට ‘A‘ අටක්‌

පසුගිය වසරේ අ.පො.ස. (සා.පෙ.) විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව හදිසියේ මියගිය දහසය (16) හැවිරිදි මුදිත සුරංග සිසුවා මෙවර නිකුත් වූ එම විභාගයේ ප්‍රතිඵල අනුව "ඒ" සමර්ථ අටක්‌ (8) ලබාගැනීමේ පුවතක්‌ ගලෙන්බිඳුනුවැව යකල්ල ප්‍රදේශයෙන් අනාවරණය වෙයි. ඔහු සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්‍ෂණයට පෙනී සිට නැත.

පී. මුදිත සුරංග හේරත් අ/හුරුළුවැව වම් ඉවුර මහ විද්‍යාලයේ සිටි දක්‍ෂතම ශිෂ්‍යයා වූ අතර ඔහු පාසලේ ශිෂ්‍ය නායකයා ද විය. ඔහුගේ මව ගුරුවරියක වූ අතර
පියා විශ්‍රාමික රජයේ සේවකයෙකි. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූයේ ඔහුය.

එහෙත් ඉතා අවාසනාවන්ත ලෙස මෙම සිසුවා පසුගිය ජනවාරි මාසයේ පස්‌වැනි දින රාත්‍රියේ සුළු කෙඳිරි ගෑමකින් පසු මවගේ උකුල මතම මිය ගියේය. එදින රාත්‍රියේම නිවස ඉදිරිපිට ඇති යකල්ල රෝහලට ඔහු රැගෙන ගිය ද ඒ වන විටත් ඔහු මරණයට පත් වී ඇති බව තහවුරු විය. මරණයට හේතුව මෙතෙක්‌ අනාවරණය වී නොමැත.

මෙම දරුවාගේ තුන් මාසයේ පිංකම ලබන මස පහ, හය දිනවල පැවැත්වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka