gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිනේෂ් සහ හිරුණිකා ඇතුළු පිරිසක් එකම මතයක

සිය ආණ්ඩුවක් යටතේ, අලූතෙන් හඳුන්වා දුන් පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයේ අඩුපාඩු නිවරැදි කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ එක් එක් පක්ෂවල වුවමනාවන් මත ඡන්ද පැවැත්වීම රටේ ස්ථාවරභාවයට සුදුසු නොවන කරුණක් බවයි.

දැනට මැතිවරණ ක්‍රම තුනක් ඔස්සේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා ඡන්දය පවත්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. හිතුවක්කාර
ලෙස ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ ප්‍රතිඵලය මෙය බවයි ඔහු පවසන්නේ.

පසුගිය පළාත් පාලන ආයතන ඡුන්ද විමසීමෙන් පසු මතු වූ ගැටළුකාරී තත්වයන් පිළිබඳ  කළ විමසීමකදී දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂය ඊයේ (30) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පැවසුවේ පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් සිදුකළ යුතු බවට සිය පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ද අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

"අපි අගමැති තුමාගෙන් මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කියල ඒකමතිකව ඉල්ලීමක් කළා. අගමැතිතුමාත් ඊට සම්පූර්ණ එකඟතාවය පළකළා ඒ ඉල්ලීමට. ඒ වෙනස සිදු වියයුතුයි කියල එතුම ඒ වෙලාවේ කිව්වේ. මේක අපි විතරක් නෙවෙයි දිනපු පොහොට්ටුවේ අයත් කැමති නැහැ." යැයි ඇය වැඩිදුරටත් පැවසුවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka