gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුද්ගලික පාවිච්චියට ගංජා පෝච්චියක්

මොරටුව කටුබැද්ද විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිරිබරපුර මාවතේ නිවසක මල් පෝච්චියක්‌ රහසිගතව වවා තිබූ අඩි පහමාරක්‌ පමණ උස ගංජා ගසක්‌ සමඟ නිවසේ හිමිකරු ගල්කිස්‌ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගංජා පැළය ඔහුගේ පෞද්ගලික පාවිච්චිය සඳහා සාදාගෙන ඇති බවත් අවශ්‍ය විටදි එහි පත්‍ර වියළා සුරුට්‌ටු ඔතා දුම් පානය කරන බවත්, සැකකරු
පොලිසියට පවසා තිබේ.

ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොෂාන් විඡේසිංහ, සහකාර පොලිස්‌ අධිකාරී ජයසේකර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උදය කුමාර මහතාගේ උපදෙස්‌ මත වැඩබලන ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියංකර අබේධීර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ නිලධාරීහු පිරිසක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka