gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකන් ගුවන් යානා 3ක් ටර්කිෂ්ලට බදු දෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා 3ක් කල්බදු පදනම යටතේ ටර්කිෂ් එයාලයින් සමාගමට ලබාදීමේ සූදානමක් ඇතැයි ශ්‍රී ලංකන් එයාලයින් ආරංචිමාර්ග පවසයි.

ඒ පිළිබඳව එම ආයතනයේ සභාපති අජිත් එන් ඩයස් මහතාට 2018 මාර්තු 19 වැනි දින ලිපියක් යොමු කරමින් අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කර ඇත්තේ එලෙස ඇමරිකානු ඩොලර් මිලියන 21 ක් ලබා ගැනීම සඳහා ගුවන් යානා 3ක් කල්බදු ක්‍රමයට
ටර්කිෂ් එයාලයින් සමාගමට ලබාදීමට සූදානම් බව ඔවුන්ට දැන ගන්නට ලැබුණේ පිටස්තර මූලාශ්‍රයකින් බවයි.

යෝජිත ගිවිසුම පිළිබඳව තමන් කිසිවක් නොදැන සිටි බවත් එසේම ඉතා නොමනා මෙන්ම ආයතනයේ පාලන පනත හා සංගමික ව්‍යවස්ථාවලිය උල්ලංඝනය කිරීමක් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමක් බවත් එම ලිපියෙන් අවධාරණය කර ඇත.

මේ පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් එන් ඩයස් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව විසින් ඒ පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් එය නුදුරේම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එයින් ලැබෙන තීරණය අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර බවත්ය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka