gossip lanka

විශ්වාසභංග අස්සේ එන උපන්දිනේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් හෙට (24 දා) බෞද්ධ විහාරස්‌ථාන හා අනෙකුත් ආගමික මධ්‍යස්‌ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආගමික වැඩසටහන් මාලාවක්‌ පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කරමින් පැවැත්වෙන විශේෂ බෝධි පූජා සහ පහන් පූජා ඇතුළු පිංකම් මාලාවට සමගාමීව අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය, ඇඳුම්
පැළඳුම් සහ පාසල් දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් ද සංවිධානය කොට තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පිණිස පැවැත්වෙන ප්‍රධාන වැඩසටහන 24 වැනිදා සවස 5.00 ට කොළඹ, සේදවත්ත පුරාණ විහාරස්‌ථානයේ විහාරාධිපති පූජ්‍ය අඹන්වල ඥණාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාරස්‌ථානයේදී පැවැත්වෙන අතර අනෙකුත් වැඩසටහන් දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මේ දිනවල අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය නිසාද රටේ දේශපාලනයේ උණුසුම්කාරී තත්ත්වයක් උදාවී ඇත.


gossip lanka