gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනධ්‍යයන සේවක වැඩ වර්ජනය දික්ගැස්සෙයි

අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා විශ්වවිද්‍යාලවල වැඩ කටයුතු අඩාල වී  අදට (20 දා) දින 21ක් ගතව තිබේ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡා ආසාර්ථක වීම හේතුවෙන් සිය වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි.

ඊයේ(19) දිනයේ දී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ
ලේකම්වරයා සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවත්
එහිදි එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බවත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සදහන් කළේය.

කෙසේවෙතත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දිනයේ සඳහන් කළේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම්වලට සාධනීය විසදුමක් අද දිනය තුළ ලබාදීමට නියමිත බවයි.

මේ අතර, සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ පඹහින්න මං සන්ධියට පැමිණ විශ්වවිද්‍යාල කටයුතු කඩිනමින් යළි යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයකද නිරත විය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka