gossip lanka

රත්මලානෙන් මෝටාර් උණ්ඩයක්

රත්මලාන බොරුපන පාලම අසල තිබී කොටස් දෙකකට වෙන් වු මෝටාර් උණ්ඩයක් සොයාගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.

අද (27) උදෑසන පාලම අසලින් ගමන් ගත් පුද්ගලයකු මෙම උණ්ඩ කොටස් දැක පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට ලබා දුන් තොරතුරක් මත එම ස්ථානයට පැමිණි ගල්කිස්ස පොලිසිය මෙම මෝටාර් උණ්ඩ කැබලි සොයාගෙන ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලිසිය
සිදු කරයි.




gossip lanka