gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන මිල වැඩි කිරීමට රජයත් සුදානම්..

මිල සූත්‍රයක් හදුන්වා දෙන මුවාවෙන් රජය ඉන්ධන මිල වැඩි කිරීමට සැරසෙන බව පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ඉන්දියානු ඔයිල් සමාගමට ඉන්ධන මිල වැඩි කිරීමට
ඉඩ දුන් රජය තව දවස් කිහිපයකින් ලංකා ඛනිජ සම්පත් මණ්ඩලයටද  ඉන්ධන මිල වැඩි කිරීමට අනුමැතිය දීමට සූදානම් වන්නේ මිල සූත්‍රයට මුවාවීමෙන්ය.

ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සීග්‍රයෙන් අඩු වූ අවස්ථාවේ එම මිල අඩු වීමේ  වාසිය පාරිභෝගිකයාට ලබා දෙන ලෙසට අප සංවිධානය විසින් ඉල්ලීම් කලද  ලංකා ඛනිජ සම්පත් මණ්ඩලය එම අවස්ථාවේ ප්‍රකාශ කලේ මිල සූත්‍රයක් හදුන්වාදුන් පසු ඉන්ධන මිල අඩුකරන බවයි.

එහෙත් ඊට පසුව ලංකා ඛනිජ සම්පත් මණ්ඩලය පැවසූවේ ඉන්ධන සදහා මිල සූත්‍රයක් සැකසීම ප්‍රයෝගික නොවන බවයි.

ලංකා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ටවරයා දැන් පවසන්නේ පෙට්‍රල් සහ ඩීසල් අලවිකිරීමෙන් ලංකා ඛනිජ සම්පත් මණ්ඩලයට පාඩුවක් සිදුවන බැවින් ඒ සදහා මිලසූත්‍රයක් සකසන බවය.

ඉන්ධන මිල වැඩි කිරීමෙන් සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහල යන බැවින් මිලසූත්‍රය නම් මිරිගුවට මුවාවී ඉන්ධන මිල වැඩි නොකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka