මොරටු නගරාධිපතිධුරයත් පොහොට්ටුවට

මොරටුව මහ නගර සභාවට නගරාධිපතිවරයෙක් පත් කිරීම සදහා අද පැවති ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා ජයගනු ලැබීය.

ඒ අනුව මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස නැවත වතාවක් සමන් ලාල් ප්‍රනාන්දු මහතා පත්ව සිටී.

සභාවේ පැවති ඡන්ද විමසීමේදී සමන් ලාල් ප්‍රනාන්දු මහතාට පක්‍ෂව ඡන්ද 23 ක් ලැබුන අතර එක්සත්
ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කල අපේක්‍ෂකයා ලබා ගත්තේ ඡන්ද 16 ක් පමණි.

ශ්‍රීලනිප 04ක් ජවිපෙ 04, ස්වාධීන 01ක් ඡන්ද දීමෙන් වැලකි සිටියේය.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී මොරටු මහ නගර සභා බල ප්‍රදේශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත්තද එය තනිව බලය පිහිටුවීම සදහා ප්‍රමාණවත් නොවීය.






gossip lanka