gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාතාලය මර්දනයට මෙහෙයුම දැඩි වෙයි

දිගින් දිගමට වාර්තා වන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසනවා. විවිධ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රදේශ කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇතැයි සඳහන්.

සෝදිසි කිරීමේ මෙහෙයුම් ද දැඩි කර ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය කියා සිටියේ. මනුස්‍ය ඝාතනවලට සම්බන්ධ  සැකකරුවන් සොයා
තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

සිදුවන මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක බවද පොලිස් විශේෂ කාර්යය බලකාය වැඩිදුරටත් පැවසුවා.

වසරේ ගත වූ දින 85කට ආසන්න කාලය තුළ වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධීන්වලින් පුද්ගලයින් 15 දෙනෙකු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මූලස්ථානය පැවසුවා.

පොල්ගහවෙල, හම්බන්තොට, කොටහේන, කෙසෙල්වත්ත, ආමර්වීදිය, අතුරුගිරිය, බොරැල්ල, තලංගම, මෝදර, ගම්පහ, සෙවණගල, රක්වාන, පන්නල හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම්වල දී මෙම වෙඩි තැබීම් සිදුව තිබුණා.

චූලා වසන්ත සහ කුඩු නුවන් යන පාතාල සාමාජිකයින් දෙදෙනාද ඉකුත් සතියක කාලය තුලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. කතරගම බස් නැවතුම්පොල අසළදී තංගල්ල දිසා බුද්ධි සේවා කාර්යංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුට වෙඩි තබන්නේ ද ඉකුත් සතියේදීයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka