gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එංගලන්තයත් පසුකර හොඳම කණ්ඩායම් අතරට යන්න ලංකාවට පොටක් පෑදෙයි!

ජුනි මාසයේදී දියත් වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවහොත් ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි එංගලන්තය අභිභවා ගොස් පස්වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.

එහෙත් එසේ වන්නේ එළැඹෙන මැයි මාසයේදී පැවැත්වෙන එංගලන්ත-පාකිස්තාන ටෙස්ට්
තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම පාකිස්තානය හමුවේ පරාජය වුවහොත් පමණි.

ඒ අනුව මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 99ක් ලබා පස්වැනි ස්ථානයේ පසුවන එංගලන්තය පාකිස්තානය හමුවේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පරාජය වුවහොත් ඔවුන්ගේ ශේ්‍රණි ලකුණු 3ක් අඩු වී 96ක් දක්වා ශේ්‍රණිගත ලකුණු අඩුවන අතර, 2-0ක් ලෙස පරාජය වුවහොත් එය 95 දක්වා තවදුරටත් අඩු වෙයි.

මේ හේතුවෙන් මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 95ක් ලබා හයවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව් සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගතහොත් එක් ශේ්‍රණිගත ලකුණක්ද (ශේ්‍රණි ලකුණු 96), තරගාවලිය 3-0ක් ලෙස ජයගතහොත් ශේ්‍රණිගත ලකුණු 2ක්ද (ශේ්‍රණි ලකුණු 97) වැඩි කරගැනීමට හැකිය.

එහෙත් එංගලන්ත-පාකිස්තාන තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වුවහොත් කොදෙව්වන් සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුවද එංගලන්තය අභිභවා යෑමට නොපුළුවන.

මේ අතර පසුගියදා අවසන් වූ නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ලකුණු අතරට පැමිණි කුසල් ජනිත් හා කුසල් මෙන්ඩිස් ලොව විස්සයි-20 පිතිකරණ ශේ්‍රණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර විස්සයි-20 පිතිකරු ශේ්‍රණිගත කිරීම්හි 40 වැනි ස්ථානයේ පසුවූ කුසල් ජනිත් මේ වනවිට 20 වැනි ස්ථානය දක්වාත්, 75 වැනි ස්ථානයේ පසුවූ කුසල් මෙන්ඩිස් 48 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ සිටී.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka