gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'විශ්වාසභංගයේ අරමුණ එජාප-ශ්‍රීලනිප භේද කිරීමයි'

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසභංගයක් ගෙන එමින් ඒකාබද්ධ විපක්ෂය උත්සහ කරන්නේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බෙදීමක් නිර්මාණය කර තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට බවත් මෙය ජනපති ප්‍රමුඛ ශ්‍රීලනිප මැති ඇමැතිවරු නිවැරදිව තේරුම් ගත යුතුව තිබෙන බවත් කඩුගන්නාව කුරුඳුවත්ත ශ්‍රී සුදර්ශනාරාමාධිපති යටවල්දෙණියේ මේධංකර නාහිමියෝ පවසති.

ඊළඟ මැතිවරණයකදී ඒකාබද්ධ විපක්ෂය
නියෝජනය කරන පිරිස විසින් මෙහෙයවන පොහොට්ටු පක්ෂය ඉදිරියට ගෙන ඒමට නම් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලනිපය අතර අර්බුදයක් නිර්මාණය කළ යුතුව තිබෙන බවත්, දෝෂාභියෝගය මඟින් ඔවුන් ඊට ප්‍රවේශයක් ගනිමින් සිටින බවත් උන්වහන්සේ කීහ.

ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍යව තිබෙන්නේ දෝෂාභියෝගය ජය ගැනීම නොවන බවත් ඔවුන් මේ තුළින් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අතර ගැටුමක් ඇති කර ඔවුන්ද බේද කිරීමට උත්සහ කරමින් සිටින බවත් මේධංකර හිමියෝ ප්‍රකාශ කළහ.

පසුගිය ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන්නට නායකත්වය ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සහය එතුමාට ලබා දීමට කටයුතු කෙළේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් බලලෝභියෙකු නොවන වික්‍රමසිංහ මහතා ඒ මොහොතේ අදාළ ක්‍රියා මාර්ගය ගනු ලැබුවේ තමන් සතු පරිණත දේශපාලන දැනුම මෙහෙයවා බවත් උන්වහන්සේ පැවසූහ.

අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට ඇති විකල්පය කුමක්ද කියා තමන් වහන්සේ දෝෂාභියෝගය ගෙන ඒමට උත්සහ කරන පිරිස ගෙන් විමසා සිටින බවද මේධංකර හිමියෝ අවධාරණය කළහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka