gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුරු මාරුවීම් සමඟ ක්‍රියාවලියේ සංශෝධනයක්

දිවයින පුරා ජාතික පාසල් වල 06 සිට 11 ශ්‍රේණියට අදාළ ගුරුවරුන් 3766 කගේ ස්ථාන මාරු ලිපි ඊයේ (29) අදාළ පාසල්වල විදුහල්පතිවරුන් භාරදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ ගුරුවරුන් වෙත එම ස්ථාන මාරුවීම් ලබා දුන්නේ, එකම ජාතික පාසලක වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කළ ගුරුවරුන් මාරු කිරීමේ ක්‍රියාවලියේ iii වන අදියර යටතේ යි.

මෙම අදියර යටතේ ගුරුවරුන් 4473 දෙනෙකු සඳහා
ස්ථාන මාරුවීම් ලබා දීමට නියමිතව තිබුණ ද පහත සඳහන් නොවැලැක්විය අවස්ථා මත ඇතැම් ගුරුවරුන් වෙත ස්ථාන මාරුවීම් ලබා නොදීමට ගුරු මාරු මණ්ඩල විසින් තීරණය කර තිබේ.

එනම්,

1. හුදෙකලාව පිහිටි පාසල්වල ගුරුවරුන්. (ආසන්න පාසලක් නොමැතිව ඉතා වැඩි දුරකට මාරුකළ යුතු අවස්ථාවලදී.)

2. 2019.12.31 දිනට හෝ ඊට පෙර වයස අවුරුදු 60 සම්පූර්ණ වන ගුරුවරුන්. (විශ්‍රාම යාමට ආසන්නතාවය මත.)

3. යම් විෂයයක් සඳහා අනුප්‍රාප්තිකයෙකු ලබාදිය නොහැකි නම් එවැනි අවස්ථාවලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka