gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්ජුන් මහේන්ද්‍රන්ට යළි රතු නිවේදන

මහ බැංකුව සතු රහස්‍ය දත්ත සිය බැණාට ලබාදී රජයට පාඩුවක්‌ සිදු කළැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන ලක්‍ෂ්මන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29 දා) නැවත වරෙන්තු නිකුත් කළාය.

අධිකරණය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින එම සැකකරු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක්‌ නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි පෙන්වා දෙමින් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

එම නඩුවේ දෙවන හා සිව්වන සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්‌, කසුන් පලිසේන යන දෙදෙනා ලබන 16 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරිය පර්පෙචුවල් සමාගමට අයත් සියලු වත්කම් බැරකම් හා දේපළ සම්බන්ධයෙන් සවිස්‌තර වාර්තාවක්‌ අධිකරණයට ලබා දෙන ලෙසටද පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ සභාපතිවරයාට නියෝග කළාය.

අර්ජුන් ඇලෝසියස්‌ හා කසුන් පලිසේන යන දෙදෙනා හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු සියලු වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් විස්‌තර අධිකරණයට ලබාදෙන ලෙසටද එහිදී එම සැකකරුවන් දෙදෙනාට නියම කළ මහෙස්‌ත්‍රාත්වරිය එම ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසටද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka