gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩී.මංජුගේ ගෝලයෝ 4 දෙනෙකුගේ සෙල්ලම් නවතී

පසුගියදා වත්තල ශාන්ත ආනා දේවස්ථාන භූමියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ  ඇති වූ වෙඩි හුවමාරුවේදී මියගිය පාතාල නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී .මංජුගේ සගයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ වත්තල සහ
කඳාන යන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් සන්තකයේ තිබී මත්පෙති, මත්කුඩු සහ ගංජා තොගයක් ද සොයා ගෙන තිබෙනවා.

කඳාන ප්‍රදේශයේදී එක් පුද්ගලයෙකුගේ නිවසේ තිබී මත්පෙති සොයා ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් ළඟ තිබී මෙලෙස මත්කුඩු සහ ගංජා පොලීසිය සොයා ගෙන ඇති බව සඳහන්.

මොවුන් වත්තල, කඳාන, ජා-ඇල, කැළණිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතුවලට ද සහය දක්වා ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගියදා ඝාතනයට ලක් වූ දඩල්ලේ මංජු හෙවත් ඩී.මංජු බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතුවලට නිරතව සිටි බවට පොලිසිය සැක කරනවා.

ඒ අනුව ඔහුට සහය දක්වමින් මෙම පිරිස් ද මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු මෙහෙයවන බවටයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

ඇතැම් පුද්ගලයින්ට ප්‍රබල දේශපාලනඥයින්ගේ සහය හිමිවීම හේතුවෙන් ඔවුන් ප්‍රදේශය පුරා නීතිවිරෝධී කටයුතුවල දිගින් දිගටම නිරත වූ බවයි විමර්ශන කටයුතු සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඇතැම් අවස්ථාවල මෙහෙයුම් සිදුකරන නිලධාරින්ට පවා මරණ තර්ජන එල්ල කර ඇති බව සඳහන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka