gossip lanka

රුසියාව නැවතත් පුටින්ට

මෙවර ජනාධිපතිවරණයේදීත් මීළග වසර 6 සඳහා රුසියාවේ ජනපති ධූරයට හිටපු ජනපති ව්ලැඩිමියර් පුටින් තේරී පත් වී ඇත.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් 7 දෙනා පරදවා සමස්ථ ජන්ද සංඛ්‍යාවෙන් 76% ප්‍රතිශතයක් ලබා ගැනීඹට ඔහුට හැකිවී ඇති බව වාර්තා වේ.

සිය ජයග්‍රාහී අවසන් ප්‍රතිඵලය නිකුත් වෙන්නට පෙරම ජනතාව අමතමින් පුටින් ප්‍රකාශ කළේ රටේ
ජනතාව පසුගිය පාලන සමයේ සිය කාර්ය භාරය හොඳින් අවබෝධ කරගෙන ඇති බවයි.

ඔහුගේ මෙවර ජයග්‍රහණය පසුගිය ජයග්‍රහණයන්ට ද වඩා ඉදිරියෙන් පවතින අතර ඔහුගේ ප්‍රචාරණ කණ්ඩායම පවා පවසා තිබෙන්නේ මෙම ජයග්‍රහණය විස්මයජනක ජයග්‍රහණයක් බවයි.

මෙවර මැතිවරණය සඳහා කලක පටන් පුටින්ව අභියෝගයට ලක් කළ ඔහුගේ ප්‍රතිවාදියා වූ ඇලෙක්සී නවාල්නි ට මූල්‍ය වංචා චෝදනා මත මැතිවරණයෙන් ඉවත් වන්නට සිදු වූ අතර ඔහු ආරම්භයේ සිටම පුටින්ව දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

රුසියානු ජනපතිවරණයේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ නවාල්නි හට එසේ තරගයෙන් ඉවත් වන්නට සිදුවීම, පුටින්ගේ ජයග්‍රහණය තහවුරු කළ ප්‍රබලතම සාධකය වශයෙන් සැලකේ.

මෙම ජයග්‍රහණයත් සමග 65 හැවිරිදි ව්ලැඩිමියර් පුටින් අගමැති ධූරය හෝ ජනපති ධූරය හොබවමින් වසර 20ක කාලයක් රුසියාව පාලනය කරන්නට සමත් වනු ඇත.

- හංසනී සම්පත්

gossip lanka