gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීනි දැමූ තේ නිෂ්පාදකයින් හෙළි කරන්න - හඳුන්නෙත්ති

පසුගියදා ජනමාධ්‍ය මගින් වාර්තා කළ සීනි යොදා තේ නිපදවන කම්හල් 53 පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය, නවීන් දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටී.

ඒ අනුව එම ලිපියේ මෙසේ සඳහන් වේ.

තේ නිෂ්පාදනයේදී සීනි සහ ග්ලූකෝස් මිශ‍්‍ර කරනු
ලබන්නේ යැයි කියනු ලබන තේ කර්මාන්ත ශාලා 53ක් හඳුනාගෙන ඇතැයි 2018 මාර්තු 15 දින ජාතික ජනමාධ්‍යයක් මගින් ප‍්‍රවෘත්තියක් පළකර තිබුණි. එම ප‍්‍රවෘත්තියට අනුව මෙම වැටලීම වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ වන තේ මණ්ඩලය මගින් බව සිදු කළ බව අනාවරණය කර ඇත.

එමෙන්ම තේ මණ්ඩලයේ එවකට සභාපති රොහාන් පෙතියාගොඩ මහතා රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල තේ කර්මාන්ත ශාලා 80ක් වැටලීමේදී මෙම කම්හල් 53 සීනී හා ග්ලූකෝස් මිශ‍්‍ර කර දළු ඇඹරීම කරන බව සොයා ගත් බව ජනමාධ්‍යට පවසා තිබුණි.

ශ‍්‍රී ලංකා තේ නාමය අපකීර්තියට පත්කරන එවැනි කූට ජාවාරම්කාරයින් හඳුනාගැනීම අගය කරන අතරම එසේ නොකර සාධාරණ තේ කර්මාන්තයේ නියැලෙන අයටද මෙවැනි ක‍්‍රියාවන් නිසා අපකීර්තයේ කොටසක් හිමිවේ. එහෙයින් මෙම වැටලීමේදී මෙවැනි ජාවාරම් කළ කර්මාන්ත ශාලා 53 කවුරුන්දැයි හෙළි නොකරම ඔවුන්ව අභ්‍යන්තරික ලෙස අවවාද කිරීමෙන් සිදුවනුයේ සාධාරණ ලෙස තේ කර්මාන්තයේ නියැලෙන අයද එම දූෂිතයින් ගණයටම අයත් වීම බව එම ලිපියේ සඳහන් කර ඇත.

තවද තේ මණ්ඩලය කම්හල් 80ක් අතුරින් 53ක් හඳුනා ගත්තේ නම්, කළ යුතුව ඇත්තේ තේ කර්මාන්තයේ කීර්ති නාමයට හානි කළ 53 දෙනාගේ නම් සහිතව හෙළිදරව් කිරීම බවත් නැතිනම් අඩු තරමේ සාධාරණ ලෙස තේ නිෂ්පාදනය කරනු ලබන්නේ යැයි හඳුනාගත් 27 දෙනාගේ නම් ප‍්‍රසිද්ධ කිරීම බවත් හඳුන්නෙත්ති මහතා එම ලිපියේ දක්වා ඇත.

එසේ නොකරන්නේ නම් එම වැටලීමට ලක්වූ ආයතන 80 සඳහාම මෙම චෝදනා අදාළ වීම වැළැක්විය නොහැකි බැවින් "ශ‍්‍රී ලංකා තේ" නාමය අපකීර්තියක් ගෙන දෙන ලෙස කටයුතු කරන පුද්ගලයින් හා කර්මාන්ත ශාලා වෙත නීතිමය පියවර ගන්නා ලෙසත් හැකි ඉක්මනින් එම වැරදි කළ අයගේ නම්, ආයතන, කර්මාන්ත ශාලා මහජනතාවට දැනගැනීමට සලස්වන ලෙසත් හෙතෙම එම ලිපිය මගින් ඉල්ලා සිටී.







gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka