gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුදත් අතුරුදහන් !

අග්‍රාමාත්‍ය පෞද්ගලික සහකාර හා එජාප සන්නිවේදන බලකායේ ප්‍රධානී යන ධූරවලින් ඉල්ලා අස්වූ සුදත් චන්ද්‍රසේකර මහතා අද (23) පෙරවරුවේ සිරිකොත සිය කාර්යාලයේ තිබූ සියලු ලිපිලේඛන රැගෙන ගොස් ඔහුගේ නිල මෝටර් රථයද භාර දී ඇතැයි වාර්තා වේ.

ඒ මහතා සිය ඉල්ලා අස්වීම ලබාදුන් ඊයේ (22) දිනයේම ඔහු පරිහරණය කරමින් තිබූ සිය නිල මෝටර් රථයද අගමැති කාර්යාලයට භාරදීමට එය
රියදුරු සමඟ යවා ඇතත්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් එය බාරගෙන නොමැත.

කෙසේවුවද, අද පෙරවරුවේ එම රියදුරුට සුදත් මහතා මොටර් රථය අග්‍රාමාත්‍ය කාර්යාලයට ලබාදෙන ලෙස නැවත දැනුම් දී ඇති බව පැවසෙන අතර එහිදී ඔහු රියදුරුට තමාගේ සේවය අවසන් බැවින් එම රථය බාවිතා කළ නොහැකි බවද පවසා තිබේ.

මේ අතර, සුදත් මහතා සොයමින් එජාප ප්‍රබලයින් පැමිණෙන බැවින් ඒ මහතා මේවන විට නිවස මගහැර ගොස් ඇතැයි ද පැවසේ.

අපද ඒ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර එය අසාර්ථක විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka