gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජිත්ට ගෙදරටම ඇවිත් පිරිසක් ගහලා

මොරටුව මහනගර සභාව සඳහා ජාතික හෙළ උරුමයෙන් ඉදිරිපත් වී එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කොට නගර සභාවට තේරී පත්වූ සජිත් දුමින්ද පීරිස් මන්ත්‍රීවරයාට ඊයේ (26) රාත්‍රියේ කිසියම් පිරිසක් පහර දී ඇත.

පහරකෑමෙන් තුවාල ලැබූ ඔහු සහ ඔහුගේ වැඩිමහල් සහෝදරියක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

එගොඩඋයන - සොබාදහම් මාවතේ නිවසෙහි රැදී
සිටින අවස්ථාවේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකර තිබේ.

කෙසේ වෙතත්, පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පොදුජන පෙරමුණේ කටුකුරුන්ද ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය

මේ අතර, මාවනැල්ල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ඊයේ (26) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් ද කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka