gossip lanka

වත්කම් හෙළි නොකළොත් ලක්ෂයක දඩයක් !

වත්කම් සහ බැරකම් ප්‍රකාශ නොකිරීමේ වරදට දඩය වශයෙන් මෙතෙක් තිබූ රුපියල් දහසේ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීම සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ පනත සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ.

1988 වත්කම් බැරකම් පිළිබඳ පනත සංශෝධනය කරමින් මෙම නව පනත ගෙන එන බව අල්ලස් හෝ
දූෂණ විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ විමර්ශන කටයුතු වලදී අසත්‍ය තොරතුරු ලබාදීමද වරදක් බවත් නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් යෝජිත සංශෝධනය පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර විද්වතුන්ගෙන් අදහස් ලබා ගන්නා බවත් ය.

ණය, බුද්ධිමය දේපළ, රක්ෂණ, විදුලි හා දුරකථන බිල්පත්, ප්‍රසාද දීමනා, විවිධ ආයතන මඟින් ලබා දෙන අනුග්‍රාහකත්වය මත ලබා දෙන සංචාර, යම් අයෙකු විසින් ලබාදෙන තෑගි, සංවිධානවල හා සමාජ ශාලා වල සමාජිකත්වයන් මෙම නව නීතියෙන් ඉවත් කර තිබෙන බවත් ඒවා ආදායම් හා වත්කම් අත්පත් කරගැනීමේ විවිධ උපක්‍රම බවත් එම මහතා පැවසීය.

 විදෙස් රටවල දේපළ:

පෞද්ගලික තොරතුරු හෝ පවුලේ තොරතුරු ලබා නොදී පොදු දේපළ ප්‍රකාශයට පත් කිරීමට මෙම යෝජනාව මඟින් ඉදිරිපත් වී ඇති බවද කී ඒ මහතා බැංකු ගිණුමේ මුදල් ප්‍රමාණය සහ එක් එක් ඉඩම සහ දේපළ මහජනතාවගේ අදහස් ලබාගැනීමට හැකි බවත් විදෙස් රටවල පවතින දේපළ ද මේ සඳහා අයත් වන බවත් කීය.

ඖෂධ හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ඉන්දුනීසියාවෙන් සහ ස්ලෝවේනියාවෙන් විශේෂඥයින් ගෙන්වාගෙන ඇති අතර ලෝක බැංකුවද සිය විශේෂඥයන් යවා ඇති බවත්, දේශීය ආදායම් බදු දෙපාර්තුමේනුතුවේ, රේගුවෙ, නීතිපති දෙපාර්තුමේන්තුවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින්ද මෙම සමුළුවට සහභාගී වූ බව හෙතෙම කීය.

මැතිවරණ අපේක්ෂිකයිනට සිය වත්කම් ප්‍රකාශ කිරීමේ ආකෘති පත්‍රය තවත් සති දෙකක කාලයතින් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරිමට මැතිවරණ කොමිසම යෝජනා කර තිබේ.

ඔවුන් මාස තුනක කාලයක් ඇතුළත මෙය ඉදිරිපත් කළ යුතු වෙයි.

 අන්තර්ජාල ආකෘති පත්‍රයක් !

 අන්තර්ජාලය හරහා වත්කම් ප්‍රකාශයට පත් කිරිම සඳහා ආකෘති පත්‍ර ඉදිරිපත් කරීමට නියමිත බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.‍

මේ වන විට වත්කම් ප්‍රකාශන පත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන බොහෝ ආයතන තිබෙන අතර එම ආකෘති එකතු කිරීම ඇගයීම සහ විශ්ලේෂණය කිරීම සඳහා මධ්‍යම අධිකාරිය පත් කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා පද්ධතිය සංඛාංනය කිරිමට සිදු වේ.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතු බව අධ්‍යක්ෂ ජනරාල් වරයා පැවසීය.

gossip lanka