gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීට වසර 154 කට පෙර අද වන දවසක සිදු වූ පොලිසියට අමතක නොවන සිද්ධිය

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අද (21) සිය 154 වන විරු දිනය සමරනු ලබනවා. ඒ මීට වසර 154 කට පෙර මාවනැල්ලේදී සිදුවූ සිද්ධියක් සිහිකරමින්. එනම් 1864 වර්ෂයේ මාර්තු මස 21 වෙනි දින මාවනැල්ල්, උතුවන්කන්ද ප්‍රදේශයේ දී මංපහරන්නෙකු වශයෙන් සැලකු "සූර සරදියෙල්" අත් අඩංගුවට ගැනීමමේ මෙහෙයුම අතර තුරේදී දිවිපුජා කල පළමු පොලිස් විරුවා සිහිකරමින්.

ඔහු "තුවාන් සබාන්" නම් පොලිස් නිලධාරියා වන
අතර ඔහු මුස්ලිම් ජාතිකයෙකු වනවා. එම වකවානුව වන විට පොලිස් දෙපාර්තමේන්තුව නිසි පනතකින් පිහිටා නොතිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ. නමුත් 1866 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වන දින සිට පොලිස් දෙපාර්තමේන්තුව නව පනතක් යටතේ පිහිටනු ලැබූ අතර එම පනතින් පසු ශ්‍රී ලංකා පොලිසියට නිත්‍යානුකුලභාවයක් හිමිවුණා.

1864 වර්ෂයේ "තුවාන් සබාන්" ගේ ජිවිත පුජාවත් සමග මේ දක්වා පොලිස් නිළධාරින් 3000 කට ආසන්න පිරිසක් මේ දක්වා රාජකාරි කාලය තුලදී මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතය පුජා කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටිනවා.

154 වන පොලිස් විරු සමරු දින සමරුව අද පොලිස්පති පුජිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් කේෂ්ත්‍ර බළකා මුලස්තානයේදී පැවැත්වීමට නියමිතයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka