gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එල්.ටීටී.ඊ රත්රන් සොයා කළ කැණීමවල දී ජලය මතුවෙලා

අවසන් යුද සටන් පැවති මුලතිව්, මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටීටී.ඊ. සංවිධානය විසින් රත්රන් හා යුද අවි තොගයක් වළදැමූ බවට සැක සහිත ස්ථානයක පෙරේදා (22) - කළ කැණීමවල දී ජලය මතුවීම හේතුවෙන් කැණිමවලට බාධා එල්ල වී ඇත.
මුලතිව්, පුදුකුඩිඉරිප්පු පොලිසියට හා යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන්
පෙරේදා(22) දෙවන දිනටත් කැණීම් ආරම්භ කළේ පසුගිය 21 වැනිදා සිදු කරන ලද කැනීම්වලින් කිසිවක් හමු නොවීම හේතුවෙනි.

උදෑසන  කැනීම් කටයුතු ආරම්භ කොට සුලු වේලාවකින් ජලය මතුවීම හේතුවෙන් කැණීම් සිදුකරන නිලධාරින්ට මහත් අපහසුතාවකට මුහුණදීමට සිදුව ඇත්තේ කැණීම් සිදුකරන ලද වළ යටට හෑරිම වැඩිවීමෙන් ජලය එකතුවන ප්‍රමාණය ද වැඩිවීම හේතුවෙනි. කෙසේ වෙතත් අද දිනය පුරා කැණීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය උපදෙස් මුලතිව් මහෙස්ත්‍රාත්වරයා විසින් ආරක්ෂක අංශ වෙන ලබා දී ඇත.

පසුගිය දින කිහිපයේ දී ද මුලතිව්. මුල්ලි වයික්කාල්හි රත්රන් හා යුද අවි වළදමා ඇති බවට ලැබුණු නොරතුරුවලට අනුව සිදු කරන ලද කැණීම්වලින් කිසිවක් හමු නොවුණු අතර මුලතිව්, පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka