gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිසියේදී බෝතලකින් ඇනගනියි…

නාඋල නගරයේ මුස්ලිම් දේවස්ථාය අසල පිහිටි ආපන ශාලාවක් බිද භණ්ඩ සොරකම් කල සැකකකරුවෙකු අත්අඩංගුවට ගත් පසු නාඋල පොලිසියේ දී බෝතලයකින් තුවාල කර ගැනීමෙන් පසු රෝහල් ගත කල බව පොලිසිය පවසයි.

අදාල ස්ථානය දඹුල්ල පොලිස් නිල සුනඛ අංශයේ සුනඛයෙකු යොදවා පරික්ෂණ පවත්වා තිබේ.

මාතලේ අපරාධ ස්ථාන පරික්ෂණාගාර නිලධාරින්ගේ
ද (සොකෝ) සහාය ඇතිව හෝටලයේ තිබු සැක කටුයුතු උදැල්ලකට සුනඛයාට ඉව ලබාදීමෙන් පසු පෙර වැරදි රැසක් පැවති හා අධිකරණයේ නඩු රැසක් පවතින පුද්ගලයෙකුගේ නිවස අසලට සුනඛයා ගමන් කර තිබේ.

සැකකරු හෙරෝයින් වලට ඇබ්බැහි වූ අයෙකු බව පොලිසිය කියා සිටියේය.

අදාල නිවසේ සිටි සැකකරු නාඋල පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන නාඋල පොලිසියට රැගෙන විත් ඇත.

මාංචු සහිතව පොලිසියේ රැදී සිටි සැකකරු අපරාධ අංශයේ තිබු බෝතලයක් කඩා ඇනගැනීමට උත්සහා කල බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලද සැකකරු නාලන්ද රෝහලට ඇතුළත් කර ඇත.

පසුව නාලන්ද රෝහලෙන් වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා මාතලේ රෝහලට යවා ඇති බව පොලිසිය ස`දහන් කළේය.

තුවාල කරුගේ වම් අතේ ඇගීලි වලට තුවාල සිදුව ඇති බව ද පොලිසිය කියා සිටියේය.

නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වෙයි.

– ඉන්දික අරුණ කුමාර

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka